අමෙරිකාවේ ටම්පා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක ටයරයක් පුපුරා ගොස් ඇත.

යානය ගුවන්ගත වීමේදී මෙලෙස ටයරයක් පිපිරීමට ලක්ව ඇති අතර, ගුවන් නියමුවා යානය ගුවන්ගත කිරීම නවතා, යානය නැවත්වීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

ඉන් පසු හදිසි සේවා සැපයීමට එම ස්ථානයට විශේෂ රථ කැඳවා තිබේ. ගුවන් තොටුපළේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙම යානයේ මගීන් 174 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි.

ඔවුන් සියලු දෙනාව ආරක්ෂිතව නැවතත් ගුවන් පර්යන්තයට බස්සවා ඇති අතර අනතුර හේතුවෙන් කිසිදු මගියෙකුට තුවාල සිදු වී නැත.
ඉන් අනතුරුව සියලුම මගීන්ව ඔවුන්ගේ ගමනාන්තය වූ ෆීනික්ස් වෙත ආදේශක ගුවන් යානයක් මගින් ප්‍රවාහනය සිදු කර ඇත.

Share.

Comments are closed.