ඩුබායි සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විදේශීය ගුවන් යානයක් තුළ ශ්‍රී ලාංකීක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ හේතුවෙන් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩ බස්වා ඇති බව සඳහන් වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 57 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගුවන් යානය අතරමගදී වෛද්‍ය ආධාර ලබාගැනීම සඳහා ගුවන් යානය හදිසි ගොඩබෑමක් සඳහා ගුවන් යානයේ කපිතාන්වරයා විසින් කරච්චියේ ගුවන් ගමනාගමන පාලක මැදිරියෙන් ඉල්ලා තිබේ.

ගොඩබෑමෙන් අනතුරුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍යවරු මගියා පරීක්ෂා කිරීමට යානයට ගොඩ වූ බව සඳහන් වේ. මරණයට හේතුව හෘදයාබාධයක් බව ද වැඩිදුරටත් සඳහන්.

ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති සෞඛ්‍ය නිලධාරියා විසින් කාන්තාව සඳහා මරණ සහතිකයක් නිකුත් කර තිබේ. අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු ඇයගේ දේහය රැගත් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළෙන් කොළඹ, එහි මුල් ගමනාන්තය වෙත පිටත් වූ බව වාර්තා වේ.

Share.

Comments are closed.