ඩුබායි රාජ්‍යට පලාගොස් සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ දිවයිනට රැගෙනවිත් ඇත්තේ සමන්ත ද සිල්වා නොහොත් බබී නැමැති කොහුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ දිමුතු චතුරංග නොහොත් චතූ නැමැති මට්ටක්කුලිය ප්‍රදේශ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාටම චෝදනා එල්ලවී තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබිණි.

Share.

Comments are closed.