විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (15) ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

සියලු පාර්ශව සමඟ එක්ව සාකච්ඡා කර මේ වන විට අවසන් එකඟතාවකට පැමිණ ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව අද දිනයේ සංශෝධිත විදුලි ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙවර ජනතාවට සහනදායි විදුලි ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.