ලොව ප්‍රධානතම සිනමා සම්මාන උලෙළක් වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ’ පසුගියදා පැවැත් විය. ඒ, 68 වැනි වරටයි. (68th Filmfare Awards South (Tamil) 2023)

මෙවර සම්මාන උලෙළෙහි සිය නාමය ඉහළින් ම රඳවා තබාගැනීමට, ජාත්‍යන්තර සිනමා සන්නාමයක් වන ‘Lyca Productions’ සමත්කම් දක්වා තිබේ.

එහිදී පොන්නියන් සෙල්වම් – 1′ (Ponniyin Selvan -1) හොඳම සිනමා නිර්මාණය ලෙසත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂක මනිරත්නම් හොඳම සිනමා අධ්‍යක්ෂක ලෙසත්, හොඳම සංගීත ඇල්බමය ලෙස එම සිනමා කෘතිය සඳහාම ඒ ආර් රහ්මාන් ද ,හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් අන්ට්‍රජා නන්දි ද සම්මානයට පාත්‍ර වූහ.

පොන්නියන් සෙල්වම්, ලාංකීය ව්‍යවසායකයකු ලෙස ලෝකය ජයගත් Lyca Production ඇතුළු ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්ය අලිරාජා සුභාස්කරන් මැතිතුමාගේ නිෂ්පාදනයකි.

ඒ අනුව ආචාර්ය අලිරාජා සුභාස්කරන් මැතිතුමා, හොඳම සිනමා නිෂ්පාදනය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වූ බව සඳහන් වේ.

Share.

Comments are closed.