ගෝලීය බුදු දහම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව මෙම සමුළුව ලබන බදාදා තායිලන්තයේ රාජ්මංගල විශ්වවිද්‍යලයේදී පැවැත්වෙන බව සඳහන් වේ.

මෙම සමුළුවට තායිලන්තය, ශ්‍රී ලංකාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය හා බුරුමය යන රටවල බෞද්ධ දූත මණ්ඩල සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, එම සමුළුවට බෞද්ධ දූත මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහභාගි වෙති.

සමුළුවේ ප්‍රධාන දේශනය රාජකීය පණ්ඩිය පූජ්‍ය දැල්තර ඥාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සිදු කරන බව ද වාර්තා වේ.

Share.

Comments are closed.