කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට වලංගු වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ට එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා ලබා දී තිබූ “පොදු සමා කාලය” භාවිත කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිටවී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොදු සමා කාලය ලබා දී තිබේ.

මෙම පොදු සමා කාලය 2024 මාර්තු මස 17 වන දින සිට 2024 ජුනි මස 30 වන දින දක්වා ලබාදී තිබුණි.
එම කාලය තුළ ඉතා සරල ලියකියවිලි කීපයක් පමණක් පදනම් කර ගෙන එරටින් පිටවීම සදහා “තාවකාලික ගමන් බලපත්‍ර” ලබාදීම සිදු කර ඇතැයි සඳහන්ය.

Share.

Comments are closed.