ශ්‍රී ලංකාවට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ  හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට සූදානම් වේ.

ඒ අනුව දැනට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොළොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බල ප්‍රදේශවල  කුඹුරු ආශ්‍රිතව වැඩිම අස්වැන්නක් ලබා ගැනිමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.

වගා කන්න හයකදි වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩ පිළිවෙලෙහි අරමුණ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. 2024 සමස්ත ජාතික වී අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 4.1කි. 2023 වර්ෂයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 4.5ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව මේ වනවිට අපේ රටේ ජාතික අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බවද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.