ලෝක මස්තිෂ්ක දිනය ලබන 22 වැනිදාට යෙදී තිබේ. මෙවර එහි තේමාව ‘ආඝාතය වළක්වා ගැනීම’ යන්නයි.

මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය සිය ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාව තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය කියා සිටි.
මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (17) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

ඊට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ප්‍රකාශ කළේ, නිවසේදීම මෙම රෝගී තත්ත්වය පිළිබඳ හඳුනාගැනීම ඉතා වැදගත් බවයි.

එලෙස නිරීක්ෂණය කර බලා ඒ සම්බන්ධයෙන් රෝගී තත්ත්වයක් ඇත්නම් කඩිනමින් රෝහල්ගත වන ලෙස ද වෛද්‍යවරයා එහිදී ඉල්ලීමක් කලේය.

ආඝාතය යනු එක් පැත්තකින් ජීවිත නැති කරවන අසනීපයක් බවත්, මෙරට ආගාධ රෝගී තත්ත්වය 90%කගේ දක්නට ලැබෙන බවත්, වෛද්‍ය ගාමිණී පතිරණ මහතා කියා සිටියේය.

රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු ද ආඝාතය රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share.

Comments are closed.