2025/01/01 වන දින සිට ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයින්ට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ‘E – Passport’ ලබාදීම ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ගමන් බලපත් අයදුම් කිරීමේ ක්‍රමවේදය නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති.
2024/07/16 වන දින සිට ශ්‍රී ලංකා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා www.immigration.gov.lk සබැඳියි ඔස්සේ පූර්ණ ලියාපදිංචියක් සිදුකළ යුතුය.

2024/07/16 වන දින ලියාපදිංචි වන අයදුම්කරුවන් සඳහා මෙම ක්‍රමවේදය ආරම්භ වනුයේ 2024/07/19 වන සිකුරාදා දින සිට බව අදාළ නිවේදනයේ දක්වා තිබේ. එබැවින් 2024/07/18 වන බ්‍රහස්පතින්දා දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇති.

ඒ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුර තොරතුරු දක්වා තිබේ.

Share.

Comments are closed.