ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරින්ගේ කටයුතු සමීපව අධ්‍යනය කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රට තුළ පවතින මැතිවරණ නීතිය ප්‍රකාරව සෑම රාජ්‍ය නිලධාරියෙකුම කටයුතු කළ යුතු බවයි.

සැමට අපක්ෂපාතී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී  සිටින බවද ඔහු පැවසුවේ ය.
නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඇතැම් රාජ්‍ය නිලධාරින් එම නීතියට අනුගත නොවෙමින් ඇතැම් අපේක්ෂකයින් ප්‍රවර්ධනයට සහය ලබාදීම හේතුවෙන් ජනතාවගේ මානව  හිමිකම් උල්ලංඝනය වන බවයි.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතන ජනාධිපතිවරණ කාලය තුළ ජනතාවගේ මානව හිමිකම් කඩකිරීමකින් තොරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

Share.

Comments are closed.