නවීන ලෝකයේ තාක්ෂණය සමඟ කෘතීම බුද්ධිය ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කිරීමට වර්තමාන ක්‍රිකට් පරිපාලකයන් කටයුතු කර ඇතැයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම මහතා සඳහන් කරයි.

ඒ අනුව ක‍්‍රිකට් කණ්ඩායමත්, කණ්ඩායමේ නායකයාත් තේරීම ආදී කටයුතු ඉදිරියට කෘතිම බුද්ධිය හරහා සිදුවනු ඇති බව ඔහු කියා සිටී.

ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙන්නේ කෘතිම බුද්ධිය හරහා නම් කරන නායකයා බවත් හෙතෙම සඳහන් කළේය.
ලෝක ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් අංක එකේ ජාතියක් බවට පත් කිරීමට එසේ සැලසුම් කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ පොළොන්නරුවේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share.

Comments are closed.