ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් හා වෙනත් ජාතිකයන් පදිංචිව සිටින ගොඩනැගිල්ලකට සීල් තැබීමට එරට හමුදාව පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කලේ එම ගොඩනැගිල්ල තුළ සිදු වූ යම්කිසි සැක කටයුතු තොරතුරක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඊශ්‍රායල හමුදාව විසින් ගොඩනැගිල්ල හා අදාළ ප්‍රදේශය පරික්ෂා කර සහතික කරන තෙක් එම ගොඩනැගිල්ලේ සිටි අයට නැවත ඊට යා නොහැකි බව සඳහන් වේ.

පවතින තත්ත්වය කෙරෙහි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විමසිල්ලෙන් පසුවන අතර, අනවශ්‍ය ගමන්බිමන්වලින් වැලකී තම ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස තානාපතිවරයා එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ඊයේ (19දා) අළුයම 03.15ට පමණ ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයේ මුහුදු සීමාවට ආසන්නයේ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයට අයත් ශාඛාවක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට පුපුරන ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.
මේ වන විට එක් අයෙකු මියගොස් 08 දෙනෙකු තුවාල ලබා සිටින අතර ඒ හේතුවෙන් දැනට එම ප්‍රදේශයේ මාර්ග අවහිරකර විමර්ශනයන් ආරම්භ කර ඇත.

Share.

Comments are closed.