ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හතරේදී රුපියල් බිලියන 13.6 දක්වා සියයට 68.7කින් විශාල වශයෙන් පහත වැටී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 වර්ෂයේ මුල් මාස හතරේ දී රුපියල් බිලියන 43.4ක ලාභයක් ලබා තිබුණි. නව තරගකරුවන් වෙළෙඳපොළට ඇතුළු වීම හේතුවෙන් ඛනිජතෙල් ආනයන ප්‍රමාණය පහත වැටීම මත ආනයන වියදම අඩු වී තිබුණි. 2024 වර්ෂයේ මුල් මාස හතරේදී ඛනිජ තෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 648.71 දක්වා පහත වැටී තිබූ අතර මෙම තත්ත්වය නිසා මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී විකුණුම් පිරිවැය රුපියල් බිලියන 337.4 දක්වා සියයට 13.5කින් අඩු වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන්ය.

මේ හේතුවෙන් තෙල් සංස්ථාවේ ආදායම මෙම වර්ෂයේ පළමු මාස හතරේ දී රුපියල් බිලියන 389.1 දක්වා සියයට 16.6කින් සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි.

Share.

Comments are closed.