සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා 07%ක සහනදායී පොලී අනුපාතයක් සහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමේ අරමුණින් එම ණය යෝජනා ක්‍රමය හඳුන්වාදි තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත රුපියල් බිලියන 50 ක ප්‍රතිපාදන ඒ සඳහා වෙන්කර ඇත. මෙම යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උපරිම රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබා ගැනීමට හැකියාව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටි.

Share.

Comments are closed.