2024 ජූනි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.
එහිදී 2024 මැයි මාසය අවසන් වන විට භාවිතයේ පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,916,835 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2024 ජූනි මාසය අවසන් වන විට කාඩ්පත් 1,923,503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

මෙය කාඩ්පත් 6,668 ක හෙවත් 0.34% ක වැඩිවීමකි.
ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් 2024 ජූනි මාසය අවසන් වන විට හිඟව ඇති මුළු මුදල් ප්‍රමාණය රු. මිලියන 150,151 ක් ලෙසින් වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version