2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තරගයේදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලහ.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීමට සමත් වූහ.

එහිදී චමරි අතපත්තු ලකුණු 119ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් රැස් කළාය. මේ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැලේසියාවට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ඇයගේ තෙවැනි T 20 ශතකය වේ. චමරි අතපත්තු පන්දුවාර 20 අවසානයේ දී නොදැවී පන්දු 65ක දී ලකුණු 119ක් ලබා සිටියේය. ඊට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් විය.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා මැලේසියා කාන්තා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 185කි.

Share.

Comments are closed.