චන්ද්‍රිකා පදනම් කරගත් Starlink අන්තර්ජාල සේවාව මෙරට දියත් කිරීම සඳහා එලෝන් මස්ක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එලෝන් මස්ක්ගේ SpaceX හි චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ඒකකය වන Starlink වෙත රජය මේ වන විට මූලික අනුමැතිය ලබා දී තිබේ.

එසේම වසර 28කට පසු විදුලි සංදේශ නියාමන පනත පවා සංශෝධනය කරමින් රජය එම ක්‍රියාවලිය වේගවත් කර තිබිණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක පවසන්නේ Starlink මෙහෙයුම් සඳහා බලපත්‍ර ලබාදීමේ මූලික සැකිල්ල මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

ඒ සඳහා අවශ්‍ය නව නීති-රීති නව පනතට අනුව සකස් කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. එම කාර්යය අවසන් කිරීමට ජූලි මස අවසානය දක්වා කාලය ලබාදී ඇති බවත් නියමිත වේලාවට එම කාර්යය අවසන් කළ හැකි බවට විශ්වාස කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව Starlink හට නව පනත යටතේ සේවා සපයන්නන්ගේ බලපත්‍රයක් පිරි නැමේ.

Share.

Comments are closed.