බැංකුවල රන් ආභරණ උකසට තැබූ පුද්ගලයන් හට සහන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ලක්ෂයකට නොවැඩි ණය අත්තිකාරම් සඳහා වසරකට 10%ක උපරිමයකට යටත්ව පොලී සහනාධාර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

තවද, ගනුදෙනුකරුවන් විසින් තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී බැංකු මඟින් ලබාගත් රුපියල් 100,000/- නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10%ක උපරිමයකට යටත්ව, පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය මඟින් සලසා දීමට යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පසුගිය කාලය තුළ රට තුළ පැවැති දරුණු ආර්ථික අර්බුදය ආර්ථිකයේ සෑම අංශයකටම ඍජුව හා වක්‍රව අහිතකර අන්දමින් බලපාන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් කිරීම ශීඝ්‍රයෙන්
වැඩි විය. 2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වූ උකස් අත්තිකාරම්වල හිඟ මුදල් ප්‍රමාණය 2024 මාර්තු මාසය වන විට රුපියල් බිලියන 571ක් පමණ දක්වා 172%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබාගෙන ඇති අඩු ආදායම්ලාභී පුද්ගලයන් වෙත සහන සැලසීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇත.

Share.

Comments are closed.