ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(24) රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳව අවසන් තීරණය ගන්නා බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇප තැන්පත් මුදල් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කිරීම සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අදාළ ගැසට් නිවේදනය මේ සති අන්තයේ නිකුත් කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21  හෝ 28 යන සෙනසුරාදා දිනෙක පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

Share.

Comments are closed.