ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටෙහි වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් විසින් ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරන ලදී. පුද්ගලිකව ගොනු කර තිබෙන මෙම පෙත්සම් වල වග උත්තර කරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා, සංචාරක සහ මහජන ආරක්ෂක අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම විද්‍යුත් වීසා ක්‍රමවේදය හේතුවෙන්, රටේ වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවකාශ ඇති බවත්, එමගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව ද පෙත්සම්කරුවන් අවධාරණය කර ඇත.

Share.

Comments are closed.