ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්ය.

අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා වේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා ද 2024 ඉදිරි ජනාධිපතිවරණය‍ සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් ය.

Share.

Comments are closed.