නිදහස් මැතිවරණයකට බාධා කරමින් පවත්වන දේශපාලන මැදිහත් වීම් සහිතව සංවිධානය කල උස්සව සහ වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයක් නතර කල බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

කොමිෂමට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන තිබේ. දේශපාලන මැදිහත් වීමෙන් ඡන්ද දායකයින්ට පත්වීම් ලබාදීම සහ භාණ්ඩ බෙදාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් එලෙස නතර කර ඇත.

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් සිටින බව වැඩිදුරටත් හෙතෙම පැවසීය.

Share.

Comments are closed.