අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්ද හිමියෙකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයෙකු රුපියල් 75,000ක මුදල් ඉදිරිපත් කළ යුතුය.

එසේම නිදහස් සහ සාධාරණ ඡන්ද විමසුමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද නියමයන් සහ විධානයන්ට අනුව ඉදිරි මැතිවරණ කටයුතු සිදුකරගෙන යාමට සහය ලබාදෙන ලෙස ඒ මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කරමින් දැක්වීය.

Share.

Comments are closed.