පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ පොලිස්පතිවරයාව පත් කිරීමට ගත් තීරණය නිවැරදි, නිත්‍යානුකූල, ව්‍යවස්ථානුකූල සහ සද්භාවයෙන් ගත් තීරණයක් ලෙසිනි.

දැනට මතුවී ඇති ගැටලුව ජනාධිපතිවරයාටත් විසඳිය නොහැකි බව පැවසූ කථානායකවරයා පෙන්වා දුන්නේ එය අධිකරණය මගින් විසඳිය යුතු
බවය.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ.

විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

මේ හේතුව නිසා අදාළ නීති ගැටලුව විසඳ ගන්නා තුරු පොලිස්පති ධුරය හිස්ව තිබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජකාරි කරගෙන යෑමේ බාධාවක් පමණක් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළේය.

Share.

Comments are closed.