නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ සඳහන් කලාය.

ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක දඩ මුදලකි.සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩමුදල් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව පැවසේ.

අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, පසුගිය සමයේදී දුරකථන වෙළෙඳසල් ලියාපදිංචි නොවීම ඉහළ ගිය බැවින් දුරකථන අලෙවිය නියාමනය කිරීමට කොමිසම හට අපහසු වී තිබීම මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට හේතුව බවයි.

ඒ අනුව මින් ඉදිරියට බලපත්‍ර ලබා නොගන්නා වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ලියාපදිංචිය ලබාගන්නා වෙළෙඳසල් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමත ජංගම දුරකථන පමණක් අලෙවි කළ යුතු බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Share.

Comments are closed.