2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කලහ.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරඟයේ දීය
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරටය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කලෝය.

පිළිතුරු ඉනිම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවරිය ලෙස හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය. කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.

මේ අතර සිය මංගල ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී මේ බව නිවේදනය කළේය.

තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, අවසන් මහා තරගයට සහභාගි වූ සියලුම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සිය කෘතඥතාව පළ කළේ කාන්තා තරගයකට මෙතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය බව සිහිපත් කරමිනි.

එහි දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස චමරි අතපත්තු සහතික වූයේ මීළඟ පන්දුවාර 50 කාන්තා ලෝක කුසලානය දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමා රැඳී සිටින බවයි.

Share.

Comments are closed.