පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙතට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසයි. ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2025.01.01 වන දින සිට රජය විසින් ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව E ගමන් බලපත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම්කිරීමේ ක්‍රමවේදය නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වේ. ජූලි 16 වන දින සිට ගමන් බලපත් අයදුම් කිරීම සඳහා https://www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකළ හැක.

Share.

Comments are closed.

Exit mobile version