වාහන ආනයනය සඳහා අවසර ලබා දීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම 2025 වසරේ පළමු කාර්තුවේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණයක් ඉලක්ක කර නැවත ආනයන සීමා පනවන තැනට රට මෙහෙය වීමට රජයකට නොහැකි බවයි.

Share.

Comments are closed.