2024 ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් වැයවන මුදල මේ වන විට ඇස්තමේන්තු කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රුපියල් බිලියන 01.4 ක වියදම් ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට භාරදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මේ වන විට ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇතිබව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ට ඊට අදාළ උපදෙස් නිකුත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.