විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ උත්සව නවයක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත. පාසල් නවයක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදෙන සක්වල වැඩසටහන් නවයක් මෙසේ අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ජන රැලි සඳහා මැතිවරණ කොමිසම නිහඬව සිටියද සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් මෙසේ අත්‍හිටු වීම අසාධාරණ බව නලින් බණ්ඩාර මහතා කියා සිටියි.

තවද ඉදිරි දින කිහිපය තුළ සක්වල වැඩසටහන් හැත්තෑවක් සංවිධානය කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

Share.

Comments are closed.