ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට ඊයෙ (29) සිට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇත.

රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමටද කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඊයේ එම ස්ථානයට ගිය බව සඳහන් ය.

ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන රැසක්  මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් බාරදී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති මුද්‍රණාලාධිපතිනී  ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

Share.

Comments are closed.