හමාස් සංවිධානයේ හමුදා අංශ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කර ඇත.

පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය වී තිබූ අතර ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ ඔහු සිටින විට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානියේගේ අවසන් කටයුතු සදහා ද දහස් ගණනක් ජනතාව ඉරානයට රැස්වෙමින් සිටිති.

Share.

Comments are closed.