ඉරානයේ අනුග්‍රහය ලැබෙන හවුති, හමාස් සහ හිස්බුල්ලා සංවිධාන වලින් මෙන්ම ඉරානයෙන් එල්ල වන වෙනත් ඕනෑම තර්ජනයකින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බව ඇමෙරිකා ජනධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ පැවැති දුරකතන සංවාදයකදී ප්‍රකාශ කළ බව ධවල මන්දිරය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් ඊශ්‍රායලයට එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම දුරකතන සංවාදයේදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති බවත් එහිදී ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමෙරිකානු හමුදා කණ්ඩ යෙදවීම පිළිබඳවද සාකච්ඡාවී ඇති බවත් ධවල මන්දිරය ප්‍රකාශ කළේය.

එසේම එම දුරකතන සංවාදයේදී ඊශ්‍රායල දේශසීමාවන්හි ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය අවම කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳවද සාකච්ඡා කර ඇතැයි ධවල මන්දිරය පැවැසුවේය.

මෙම දුරකතන සංවාදයට ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස්ද සහභාගී වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

Share.

Comments are closed.