කුවේට් හිදී සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ කුවෙට්හි දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි යන ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකි.

කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ රාත්‍රී කාලයේ නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

කුවෙට් පොලීසිය මගින් පසුගිය 2 වැනිදා මොවුන් අත්අඩංගුව ගෙන තිබුනේ “එතෙර අපි” නමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදීය.

Share.

Comments are closed.