ඊයේ (04) රාත්‍රියේදී පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විණි.
නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීමට තත්පර 9.79ක කාලයක් වාර්තා කරමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්විය.

එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලය ද වූ බව වාර්තා වේ. කෙසේ නමුත් මෙහි රිදී පදක්කම දිනාගත් ජැමෙයිකාවේ කිෂාන් තොම්සන්ද තත්පර 9.79 කාලයක් වාර්තා කළ අතර, ඔහු හා ලයිල්ස් අතර වෙනස දැක්වූයේ තත්පර 0.005ක් ලෙසිනි.

මේ අතර මෙහි ලෝකඩ පදක්කම දිනාගත්තේද ඇමරිකාවේ ක්‍රීඩකයෙකු වන ෆ්රෙඩ් කර්ලි විසිනි.

Share.

Comments are closed.