යුරෝපයේ උසම ගිනි කන්ද වන එට්නා කන්ද මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ඉහළින් පුපුරා යන ආකාරය BBC ලෝක පුවත් සේවය වාර්තා කර ඇත.

වසර හතරකින් පසු පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ මෙම ගිනි කන්ද යලි සක්‍රීය වී තිබේ.
විශාල අළු සහ දුමාර වලාකුළක් මේ ආශ්‍රිත පරිසරය වසාගෙන ඇති නිසා කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් සීමා කර ඇති බව වාර්තා වේ.

ගුවන් නියමුවන් දෘශ්‍යතාව සමඟ අරගල කරන බැවින් ගුවන් ගමන් කිහිපයක් පලර්මෝ සහ කොමිසෝ වැනි ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව වැඩිදුරටත් සඳහන් ය.

Share.

Comments are closed.

Exit mobile version