ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ජුලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

චමරිගේ නායකත්වය යටතේ පසුගිය මාසයේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් කුසලානය ජය ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූහ.

මේ වසරේ එංගලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් වලට එරෙහිව පළමු වරට ජයගත් පන්දුවාර 20යි 20 තරගාවලි සඳහා නායකත්වය ලබා දුන්නේ ද චමරි අතපත්තුයි.

ඇය සමඟ මෙම සම්මානය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සෆාලි වර්මා ද නිර්දේශ වී තිබේ.

Share.

Comments are closed.