මෙරට වාර්ෂිකව සිදු කරන දුම් පරීක්ෂණ මගින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
වාහන දුම් පරීක්ෂා සහතිකය ගැනීමේ දී ඒත් සමඟම වාහන බලපත්‍රයත්, රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

තවත් මාස දෙකක් ඇතුළත එම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කර ඇත.

මේ සඳහා යම් ගෙවීමක් කිරීමට සිදුවන අතර මෙය අනිවාර්යය නොවන අතර තමන් කැමති පරිදි සේවාව ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.