බිත්තර ආනයනය කිරිමේ කටයුතු ඉදිරි දින 10ක් ඇතුළත යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර ඇත.

ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බව, එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය. ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසුවේය.

දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50කට වඩා වැඩි මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවීම ද විශේෂත්වයකි. මෙලෙස බිත්තර ආනයනය කිරීම යළි ආරම්භ කිරීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල ගණන් පහළ යනු ඇත.

Share.

Comments are closed.