නුදුරු අනාගතයේදී විශාල භූමිකම්පාවක් ඇති වීමේ වැඩි අවදානමක් පිළිබඳ ජපානය ප්‍රථම වතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ මෙම නිවේදනය ඔවුන් නිකුත් කර ඇති අතර, ජනතාවට විමසිලිමත් වන නමුත් ඉවත් නොවන ලෙසයි දන්වා ඇත.
මෙම අනතුරු ඇඟවීමෙන් ඔවුන් අදහස් කරන්නේ, විශාල භූමි කම්පනයක් ආසන්න බව නොව, එහි සම්භාවිතාව වෙනදාට වඩා වැඩි බවයි.

ඊයේ දිනයේ රිච්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූ කම්පනයක් දකුණු දිග කියුෂු දූපතට ඔබ්බෙන් සිදුවූ අතර ඉන් විශාල හානියක් සිදු නොවූ බවත් සඳහන්. නමුත් ජපානයේ පැසිෆික් වෙරළ තීරය දිගේ විහිදී ඇති භූ කම්පන ක්‍රියාකාරකම් සහිත ප්‍රදේශයක් වන නන්කායි අගල අද්දර මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති නිසා විශේෂඥයින් දැඩි අවධානයක් යොමු කර තිබේ.

මේ ආකාරයේ අති විශාල භූ කම්පනයක් සෑම වසර 90 ත් 200 ත් 200 කට වරක් වාර්තාවන අතර අවසන් වරට 1946 දී එවැන්නක් වාර්තා වී ඇත.

Share.

Comments are closed.