ධුරයෙන් ඉවත් වීමෙන් පසු බංගලාදේශයේ ඩකා අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසකම තවදුරටත් අරගල කරුවන් විසින් පරිපාලනයට මැදිහත් වෙමින් ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ එම නගරවල රථ වාහන හැසිරයීම ඇතුළු කටයුතු සිදු කරමින් සිටින්නේ පොලූ කැබලි අතුන් ගත් අරගල කරුවන් විසින් බවයි.

මේ වන විටත් එම නගර වල බොහෝ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් සේවයට වාර්තා නොකර නොමැති අතර ඇතැම් පොලිස් ස්ථානවල සේවයට පැමිණ සිටින නිලධාරීන්ටද රාජකාරිය සදහා නිසි නියෝග ලැබෙන තෙක් බලා සිටිති.

බංග්ලාදේශයේ පිහිටුවා ඇති නව අන්තර්වාර රජයේ අමාත්‍ය මණ්ඩලය සඳහාද අරගලයට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් දෙදෙනකු පත් කර ඇත.

Share.

Comments are closed.