2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් ලැයිස්තුවේ පළමු ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයට ද දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජපානයටද හිමි වී ඇත.

ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සමඟින් පදක්කම් 126ක් ලබා ගනිමින් පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වූහ.

රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් සමඟ පදක්කම් 91ක් ලබා ගනිමින් චීනය පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමි කර ගෙන තිබේ.

ජපානය පදක්කම් 45ක් සමඟින් තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

Share.

Comments are closed.