දේශිය ආදායම් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලින් මුදල් වංචා සිදු කරන  බවට පැමිණිලි ලැබී ඇති බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ආදායම් නිලධාරීන් ලෙස පෙනි සිටිමින්  මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙලෙස ආදායම් නිලධාරීන් ලෙස පැමිණෙන ව්‍යාජ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට නීතිමය පියවර ගැනිමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සියලු බදු වර්ගයන්ට අදාළ හිඟ බදු අය කිරිමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී නිත්‍යානුකූලව පමණක් සිදු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේය.

බදු ගෙවිම් සම්බන්ධ ගැටලුවක්  ඇත්නම් දැනුම් දෙන ලෙස ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.