අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල පැතිර යන මන්කි පොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පමණක් මේවන විට වඳුරු උණ රෝගය වැඳීමෙන් පුද්ගලයින් 450 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. එය දැන් මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති අතර මෙම රෝගයේ නව ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවටයි විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පැවසුවේ අප්‍රිකාව තුළ සහ ඉන් ඔබ්බට තවදුරටත් පැතිරීමේ හැකියාව ඇති මන්කි පොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය “ඉතා කනස්සල්ලට කරුණක්” බවය.

Share.

Comments are closed.