ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (15) පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

පෙරවරු 09.00 සිට 11.30 දක්වා නාම යෝජනා සඳහා විරෝධතා දැක් වීමට කාලය ලබා දී තිබිණි.
ස්වාධීනව සහ වෙනත් පක්ශ වලින් ඉවත් වන අපේක්ෂකයන් සඳහා ලකුණු වෙන්කිරීම විරෝධතා කාලසීමාවෙන් පසුව සිදු විය.

මෙදින මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සහ අවට ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව අද සරණ මාවත ආශ්‍රිතව පිහිටි රජයේ කාර්යාල සහ රෝහල් එදින වසා තබන බව පැවසීය.

නාම යෝජනා බාරදීමෙන් පසුව පෙළපාලි පැවැත්විය නොහැකිය.
එලෙස නාම යෝජනා බාරදීමෙන් පසුව දින 05ක් තුළ වියදම් නියාමන පනත පිළිබඳව දැනුවත් කිරීමට නියමිත බව සභාපතිවරයා පැවසීය.

Share.

Comments are closed.