කොළඹ නගර සභාව විසින් දැනුම් දී ඇත්තේ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් සිදු වී ඇති බවය.

එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ (17) දින සිට දින 20ක කාලයක් ගත වන බව වාර්තා වේ.
මේ හේතුවෙන් කොළඹට ඇතුළු වන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඒ, අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය ඊයෙ (17) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථ වාහන ධාවනය ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙයි.

Share.

Comments are closed.