ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කිරීමට 2019 වසරේ සහය පල කිරීම සඳහා එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා මෙවර සමගි ජනබලවේගයට සහය පලකිරීමට එක් විය.

මෙම තීරණය සම්න්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු විසින් වැදගත් කරුණු රැසක් හෙළිකර ඇත.

තමන් 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට එක්වුයේ රට වෙනුවෙන් ඔහු විසින් සුවිශේෂී මෙහෙවරක් කරනු ඇති බවට වූ බලපොරොත්තුව හේතුවෙන් බව පෙන්වා දී ඇති තිලකරත්න ඩිල්ෂාන් මහතා ඔහු එම අරමුණෙන් බැහැරව කටයුතු කරන බව දැනගත් වහා එම දේශපාලන කඳවුරෙන් ඉවත් වූ බවද සඳහන් කරයි.

තමන් විසින් කිසිදු පක්ෂ භේදයකින් තොරව දකුණේ ජනතාව වෙනුවෙන් දියත් කළ ප්‍රජා සත්කාර වැඩසටහන් හමුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන දකුණු පළාත් දේශපාලන නායකයින් බිය වී සිටි ආකාරය සහ ඊට අදාල කාරණාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් තමා දැනුවත් කළ ආකාරයද ඔහු මෙම සාකච්ඡාවේදී අනාවරණය කර ඇත.

මේ අතර පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක් වූහ.

Share.

Comments are closed.