ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප‍්‍රසිද්ධ කර ඇත.

අදාළ ප්‍රකාශවල හෙලි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙක් තොරතුරු එම කොමිසම් වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එහි දැක්වෙන ආකාරයට ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් මෙසේය.

• රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල් 97,500 සහ
බෙන්ස් රථ දෙකක්, ජීප් රථයක්

• සජිත් ප්‍රේමදාස – රුපියල් 295,681.14 ක්
සමඟ ඩබල් කැබ් රථ දෙකක්, ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

• අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක් සමඟ ඩබල් කැබ් රථයක්

• නාමල් රාජපක්ෂ – රුපියල් 454,285 ක් සහ
ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්

• විජයදාස රාජපක්‍ෂ – වැටුප සහ දීමනා රුපියල් 280,000, ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව රුපියල් 1,345,000 කි. ටොයොටා v8 ජීප් රථයක්

• ජනක රත්නායක – රුපියල් 2,50,000ක්
පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක්

• සරත් ෆොන්සේකා – රුපියල් 54,285 සහ දීමනා 263,500 ,වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථය

• රොෂාන් රණසිංහ – මන්ත්‍රී වැටුප රුපියල් 65,000, දීමනා රුපියල් 340,000 ව්‍යාපාරික වැටුප රුපියල් 500,000), ජපානයේ විදේශ වැටුප රුපියල් ලක්‍ෂ තිහයි, වාහනය මස්ට්ටෑන්ග් මෝටර් රථය

• දිලිත් ජයවීර – මාසික දීමනා 16,500,000

Share.

Comments are closed.