ගුව­න්තො­ටු­පො­ළෙන් මෙර­ටට ඇතුළු විය හැකි Mපොක්ස් (Monkey pox) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආව­ර­ණය වන පරිදි ආවේ­ක්ෂණ පද්ධ­තිය වඩාත් ශක්ති­මත් කර තිබෙන බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය.

මෙම රෝගය සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාශයේ පැවැති විද්වත් කමි­ටු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව පසු­ගි­ය(22) දා කියා සිටි­යේය.

“Mපොක්ස් රෝගීන් වාර්තා වුව­හොත් ඔවුන් වෙන් කර ප්‍රති­කාර කිරීමේ පහ­සු­කම් කොළඹ බෝ වන රෝග විද්‍යා­ය­ත­නය තුළ ස්ථාපිත කර තිබෙ­නවා. කොළඹ වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නය සතුව Mපොක්ස් රෝගීන් හඳුනා ගැනීමේ රසා­ය­නා­ගාර පහසු­කම් පව­ති­නවා.

මෙම රෝග­යට වඩාත් හොඳින් සූදා­නම් වීම සහ ප්‍රති­චාර දැක්වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නා. මේ හා සම්බන්ධ උප­දෙස් ඇතු­ළත් චක්‍ර­ලේ­ඛ­යක් සිය­ලුම සෞඛ්‍ය සේවා ආය­තන සඳහා ලබා­දී­මට කට­යුතු කර­නවා.

අප්‍රි­කානු කලා­පයේ ප්‍රධාන ලෙස මධ්‍යම සහ බට­හිර අප්‍රි­කානු කලා­පීය රට­වල විශේ­ෂ­යෙන් කොංගෝ රාජ්‍යයේ මෙම රෝගය බෝ වීමේ හැකි­යාව සහ දරුණු බව වැඩියි. රෝගීන් වැඩි ගණ­නක් වාර්තා වී තිබෙ­නවා. ගෝලීය මට්ට­මින් සංවි­ධා­නා­ත්මක ලෙස පෙර සූදා­නම් වීම සහ ප්‍රති­චාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 14 වැනිදා ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය මඟින් ජාත්‍ය­න්තර අව­ධා­නය ලක් කළ යුතු අව­ස්ථා­වක් ලෙස ප්‍රකා­ශ­යට පත් කළා.

මේ වන විට ආසි­යානු කලා­පීය රට­ව­ලින් රෝගය වාර්තා වී ඇත්තේ ඉතා­මත් සුළු සංඛ්‍යා­වක් . Mපොක්ස් (මන්කි­පොක්ස්) රෝගය Mපොක්ස් වෛර­සය නිසා ඇති වෙනවා. ආසා­දිත පුද්ග­ල­යෙ­කුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ දිගු කාල­යක් පුරා ශ්වසන බිඳි­ති­ව­ලට නිරා­ව­ර­ණය වීමෙන් Mපොක්ස් රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැති­රීමේ අව­දා­නම අඩු මට්ට­මක පව­ති­නවා.”

ආසා­දිත පුද්ග­ල­යකු භාවිත කළ ඇඳ ඇති­රිලි හෝ ඇඳුම් මඟින්ද රෝගය පැති­රීමේ හැකි­යා­වක් පව­ති­නවා. Mපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂ­ණය වනුයේ උණ, සමෙහි බිබිළි මතු වීම සහ වසා ගැටිති ඉදි­මීම බවත් ඒ මහතා පැව­සීය.

Share.

Comments are closed.

Exit mobile version